.webp)
-623491.jpg)
දරුවන් 300කට ආසන්න පිරිසක් ආර්ථික දුෂ්කරතා අමතක කරමින් අධ්‍යාපනය ලබනවා.
ඒ සිහිනවලට සීමාවක් නැහැ.
අධ්‍යාපනය, ක්‍රීඩාව, සංගීතය, ඇතුළු විවිධ ක්ෂේත්රවල ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතා සැබැවින්ම අගය කළ යුතුයි.
නිදහසේ පොතක් කියවන්න, නිසංසල පරිසරයක පාඩම් කරන්න, මේ දරුවන්ට ඇති පාසල් පුස්තකාලය පවත්වාගෙන යන්නේ ඉඩකඩ සීමිත අබලන් ගොඩනැගිල්ලක.
එහි පවතින පහසුකම් සිසුන්ට සුව පහසු හා ආරක්ෂිත පරිසිරයක පොත් කියවීමට, ස්වයං අධ්‍යනයේ යෙදීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.
ඒ අනුව යාපනයේ තිරුනෙල්වේලි මුතුතම්බි මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ පුස්තකාල සිහිනය සැබෑවක් කිරීමට ගම්මැද්ද අද(08) මුල පිරුවා.
ඒ අනුව එම විද්‍යාලයට පුස්තකාලයක් ඉදි කිරීම සඳහා ගම්මැද්ද අද සුභ මොහොතින් මුල්ගල තැබුවා.
MBC ප්‍රධාන විධායක නිලධාරී බුද්ධි වික්‍රමනායක, ශක්ති TV නාලිකා ප්‍රධානී මුරුගේසු කුලේන්ද්‍රන්, අලෙවි සාමාන්‍යාධිකාරී රොෂාන් වටවල, සිරස TV අධ්යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක, සිරස TV අධ්යක්ෂ ප්‍රියන්ත විජේසිංහ, නව මාධ්‍ය අධ්යක්ෂ කේ.මයුරන්, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරල, යාපනය කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ලක්ෂිකා කයුරදන්, නල්ලූර් සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.සිවකරන් ඇතුළු ආරාධිතයින් රැසක්, විදුහල්පති ඒ රවීවන් සමග මේ අවස්ථාවට සහභාගි විය.
මේ ව්‍යාපෘතිය අද(8) ආරම්භ කෙරුණේ යාපනයේ ආගමික හා සංස්කෘතික උරුමය හා සබැඳුණු සුන්දර නල්ලුර් උත්සවය වෙනුවෙන්.
මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ගම්මැද්ද පොදු අරමුදල.
