සෙබළෙකු ඝාතනයකට සැකපිට සැකකාරියක් අත්අඩංගුවට

කිරිඳිවැල ප්‍රදේශයේදී විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් CID අත්අඩංගුවට

by Staff writer 08-09-2026 | 9:49 AM

COLOMBO (News 1st) - කිරිඳිවැල ප්‍රදේශයේදී විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසිනි.

2018 වසරේ සැප්තැම්බර් මස 9 වැනි දින සිදුව ඇති එම ඝාතනය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකාරිය කිරිඳිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 49 හැවිරිදි විශ්‍රාමික යුධ හමුදා සෙබළාගේ බිරිඳයි.