.webp)
 (6)-623379.jpg)
එහි සභාපති අතුල කුමාර සඳහන් කළේ, අගෝස්තු 25 වැනිදා සිට සේවකයන් රාජකාරියට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබූ බවයි.
ඒ අනුව පාලනාධිකාරිය සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පසුගිය 29 වැනිදා සිට තාවකාලිකව වසා දැමුවා.
සභාපති අතුල කුමාර සඳහන් කළේ, සේවකයින් සමග පසුගියදා කර්මාන්ත අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැති බවයි.
එහිදී ඔවුන්ගේ ගැටලු විසඳන බවට පලවූ එකඟතාව මත පෙරේදා (05) පෙරවරුවේ ආයතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බවද සභාපතිවරයා සඳහන් කළේ ය.
