.webp)
-623398.jpg)
පොලීසිය සඳහන් කළේ, කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 සහ 18 වයස්වල පසුවන්නන් බවයි.
කන්තලේ ප්‍රදේශයේ උත්සවයක් නැරඹීමට පැමිණි 15 හැවිදිරි දැරියක් සිද්ධියට මුහුණ පා ඇතැයි සඳහන් වේ.
අසළ රථගාලක නවතා තිබූ බස් රථයක් තුළ යම් පිරිසක් සැකකටයුතු ලෙස රැඳී සිටින බවට පොලීසිය නිරීක්ෂණය කර ඇති අතර, පසුව ඒ පිළිබඳ සොයා බලා තිබේ.
එහිදී පොලීසිය දැක ඇත්තේ අදාළ දැරිය, පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු සමග එහි රැඳී සිටින බවටයි.
එලෙස සැකකටයුතු ලෙස සිටි පිරිස ප්‍රශ්න කිරීමට පියවර ගත් බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.
එහිදී අනාවරණ වී ඇත්තේ බස් රථයට පැමිණීමට පෙර අසළ කැලෑ බඳ ප්‍රදේශයකදී ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ තවත් අයෙකු ඇය දුෂණය කර ඇති බවයි.
දැරියගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ, තවත් තුන්දෙනෙකු අසළ නවතා තිබු බස් රථයක් තුළට තමා සමග පැමිණි බවයි.
පසුව කන්තලේ පොලීසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
