QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි.- ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

by Chathurika Jayasundara 05-09-2026 | 9:13 AM

COLOMBO(News1st) - QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, මැදපෙරදිග අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම තීරණය ගත් බවයි.