සෞදි රැකියා සඳහා යන අයට විශේෂ නිවේදනයක්!

සෞදියේ රැකියා සඳහා යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වූ විභාගයට, සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාවක් - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

by Staff writer 05-09-2026 | 9:17 AM

COLOMBO(News1st) - සෞදියේ රැකියා සඳහා යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වූ විභාගයට, සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ, මෙතෙක් භාෂාමය බාධා හේතුවෙන් එම විභාගයට පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වූ ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ට විශාල සහනයක් සැලසෙනු ඇති බවයි.

ඒ හරහා සෞදි අරාබියේ වෘත්තීය කුසලතා සහිත රැකියා සඳහා අයැදුම් කරන ශ්‍රී ලාංකිකයින්ට සිය මව් භාෂාවෙන් එම විභාගයට පෙනී සිටීමට හැකි වනු ඇති.