වියළි කාලගුණයෙන් පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට

by Staff writer 05-09-2026 | 8:54 AM

COLOMBO(News1st) - වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

ඊට, පවුල් 35,149 ක් ඇතුළත්.

පවුල් 34,608ක පුද්ගලයින් 113,354 දෙනෙකු සඳහා මේ වනවිට ජලය බෙදාහරිමින් ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේය.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ, මොණරාගල දිස්ත්‍රික්කයේයී.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 12,732කට අයත් පුද්ගලයින් 41,360 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පැවසුවේ, මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි අපේක්ෂා කරන බවයි.