මහ කන්නයේ වගා කටයුතු ගැන සාකච්ඡාව ලබන 8 වැනිදා

එල් නිනෝ බලපෑම හමුවේ, මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව ලබන 8 වැනිදා - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

by Staff writer 05-09-2026 | 9:00 AM

COLOMBO(News1st) - එල් නිනෝ බලපෑම හමුවේ මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන 8 වැනිදා සාකච්ඡා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ පවසයි.

ලේකම්වරයා ඒ බව සදහන් කළේ, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ලබන 18 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී මහ කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව, ඔහු සදහන් කළේය.