හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට...

by Staff writer 04-09-2026 | 11:17 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් මීට ටික වේලාවක පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සිදුවන විමර්ශනයකට අදාළව  ප්‍රකාශයක් ලබාදීමට, ඔහු පැමිණි අවස්ථාවේදීයි.

පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැණිව කටයුතු කිරීමෙන් රජයට රුපියල් හැත්තෑ නවලක්ෂ ඇත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදුකිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මකයි.

දූෂණය නැමති වරද සිදු කිරීමේ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ ය.