බියගම ආයෝජන කලාපයේ ගින්න මැඩ පවත්වයි...

බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපවත්වයි...

by Staff writer 04-09-2026 | 8:25 AM

COLOMBO (News 1st) - බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඊයේ (03) රාත්‍රියේ හටගත් ගින්න මැඩ පවත්වා තිබේ.

ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රසායනික ද්‍රව්‍ය ගබඩාවක ගින්න හටගත් බවයි.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ දෙකක් සහ ගම්පහ  මහ නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක්ද ගින්න නිවීම සදහා යොදවා තිබිණි.