ගිවන්ත අර්ථසාද්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද...

ප්‍රවීණ කලාකරු ගිවන්ත අර්ථසාද්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද...

by Staff writer 04-09-2026 | 11:25 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ සිනමා පටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරු ගිවන්ථ අර්ථසාද්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයයේදීයී.

දේහය, මොරටුල්ල, පන්සල පාරේ අංක 35/4 දරන නිවසේ අද පස්වරු 4 දක්වා, මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) දහවල් අභාවප්‍රාප්ත වන විට ගිවන්ථ අර්ථසාද්ගේ වයස, අවුරුදු 73 ක්.

සිය සොහොයුරු දිනේෂ් ප්‍රියසාද් සමග එක්ව 1979 දී ඔහු නිර්මාණය කළ දුටුගැමුණු සිනමා පටය, මෙරට ප්‍රථම කාටූන් සජීවීකරණ සිනමා පටයයි.

අනතුරුව, මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි සහ යුරේකා නමැති සිනමා පට නිර්මාණය කළ ඔහු ඇනලොග් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා නිර්මාණකරණයේ නිරතවූ නිර්මාණකරුවෙකි.

මොරටුවේ උපන් ඔහු, සිනමාව, සජීවීකරණය, චිත්‍ර කලාව, ග්‍රැෆික් නිර්මාණ, ඡායාරූපකරණය ඇතුලු කේෂත්‍ර රැසක සිය නම රැන්දූ කලාකරුවෙකු වේ.