දැවි තෙල් සහ නැප්තා මිල හෙට සිට අඩු කෙරේ

දැවි තෙල් සහ නැප්තා මිල හෙට සිට අඩු කෙරේ....- ලංකා ඛනිජ තෙල් සංස්ථාව

by Staff writer 04-09-2026 | 9:13 AM

COLOMBO (News 1st) - දැවි තෙල් සහ නැප්තා මිල හෙට (05) සිට අඩු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, ඒ අනුව දැවි තෙල් ලීටරයක් රුපියල් 38 කින්ද, නැප්තා ලීටරයක් රුපියල් 35කින්ද අඩුවන බවයි.

ඒ අනුව දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210ක් දක්වා අඩුවනු ඇත.

මේ අතර දැවිතෙල් හා නැප්තා අඩු වීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ඔහු පැවසුවේ ඉදිරි විදුලි බිල සංශෝධනයේදී, එම සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.