කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්...

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්...

by Staff writer 03-09-2026 | 10:15 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ සිදුවන නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

එම කාලය තුළ, නුගේගොඩ,කොහුවල,දෙහිවල,ගල්කිස්ස, රත්මලාන,මොරටුව,රාවතාවත්ත, සොයිසාපුර,අඟුලාන,ඉදිබැද්ද, කටුකුරුන්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරලවැල්ල සහ එගොඩඋයන, ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.

ඊට අමතරව, සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ලපාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර,ඩබ්ලිව්.ඒ සිල්වා මාවත, හැව්ලොක්පාර,කල්‍යාණිපාර,කොළඹ 06 රෝහල් වටරවුම පාර,ජයන්ති මාවත,ශාන්ති මාවත යන ප්‍රදේශවලටද  අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.