.webp)

රේගුව පැවසුවේ, පසුගිය අගෝස්තු මාසයට අදාළව ලැබී තිබූ ඉලක්කය රුපියල් මිලියන එක් ලක්ෂ 90,274ක් වන අතර එය පසුගිය 27 වන දිනවන විට සපුරාලීමට හැකි වූ බවයි.
ඒ අනුව රුපියල් මිලියන එක් ලක්ෂ 99,629ක ආදායමක් අගෝස්තු මසයේදී රේගුව උපයා තිබේ.
මේ වසර වන විට රේගුව රුපියල් බිලියන 2,206.995 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිත බව සඳහන් වේ.
2025 වසරේදී ද රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා රුපියල් බිලියන 2,557.535 ක ඉහළ ආදායමක් වාර්තා කළේ ය.
