.webp)
-622964.jpg)
ඒ, අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම යන තේමාව යටතේයි.
සමූළුව පැවැත්වෙන්නේ භූතානයේ පාරෝ නගරයේදී.
ඊට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත් වූ ආග්‍රාමාත්‍යවරිය ඊයේ(31) පස්රුවේ භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා ය.
එහිදී භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබ්ගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍යරිය උණුසුම් අයුරින් පිළිගත්හ.
සවිඥානික ආහාර පද්ධති සන්ධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ භූතාන රජය එක්ව සංවිධානය කරන සමුළුවේ තේමාව ආහාර පද්ධති පරිවර්තනයේ හදවත සක්‍රීය කිරීම යන්නයි.
සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතාන අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍යවරයා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති
ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැන් කි-මූන් ඇතුළු සමුළුුවට සහභාගී වන ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්විමට නියමිතයි.
සමුළුව ලබන 04 වැනිදා දක්වා පැවැත්වේ.
