.webp)

ඒ නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පුද්ගල ඝාතන සිද්ධි 5කට අදාළ නඩුව අද මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
බන්ධනාගාරයේ සිට මාර්ගගත ක්‍රමයට පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිව් - කරෙයියන්කන්තිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් නඩුව පවරා තිබේ.
නඩුවට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය 2025 නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි 'මොහොමඩ් ෆායිස්' නමැත්තා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව 2026 ජූනි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
එතැන් සිට සැකකරුවන් මේ දක්වා රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන ලන්ඩනයේ සැඟව සිටින 'මොහොමඩ් ෆායිස්' නැමැත්තාට එරෙහිව විවෘත වරෙන්තුව නැවත නිකුත් කිරිමට ද අධිකරණය එහිදි නියෝග කළේය.
