.webp)
-623018.jpg)
ඒ කලුබෝවිල ශික්ෂණ රෝහලේදීයි.
එහිදි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මරණය පිළිබද විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලපත්මේන්ද්‍ර කුමාර පතිරණගේ මරණය සැකකටයුතු බවට පවසමින් ඇගේ මව පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.
පොලීසිය පැවසුවේ, පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ සී.අයි.ගාර්ඩන්ස්හි පිහිටි නිවසකදී චූලපත්මේන්ද්‍ර මහත්මිය මියගොස් තිබූ බවයි.
ඇය පෙරේදා දින බත්තරමුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පැවැත්වුණු උත්සවයකට සහභාගී වී ඇති අතර, පසුව ඊයේ අලුයම පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ සී.අයි. ගාර්ඩන්ස් හි පිහිටි නිවස වෙත පැමිණ තිබුණි.
මෙම නිවස ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බවත්, චූල පත්මේන්ද්‍ර මහත්මිය නිවසට පැමිණ ඇත්තේ එම ව්‍යාපාරිකයා සමග බවත් සඳහන්.
චූලපත්මේන්ද්‍ර මහත්මිය ඇඳක මුනින් අතට නිදා සිටින අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇයව අවදි කිරීමට උත්සාහ දරා ඇති බවත් ඇය ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින්, පරීක්ෂා කිරීමේදී කොට්ටය මත ලේ වැගිරී තිබුණු බවත් අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.
1990 සුව සැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන ඇති අතර, එහි සෞඛ්‍ය සේවකයන් පරීක්ෂා කිරීමෙන් පසු හඳුනාගෙන ඇත්තේ ඇය මියගොස් ඇති බවයි.
පසුව ව්‍යාපාරිකයා විසින්ම ඒ බව පිළියන්දල පොලීසිය වෙත දැනුම් දී තිබේ.
ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක වූ චූල පත්මේන්ද්‍ර කුමාර පතිරණ මහත්මිය මියයන විට 46 වන වියේ පසු විය.
