.webp)

එම ඒකකය පැවසුවේ, නිරිත දිග ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන වැසි තත්ත්වය හේතුවෙන් යළිත් මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බවයි.
ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර තම අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,174 දෙනෙකු වාර්තා වී ඇත.
ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 72 ක් ලෙසයි.
මේ මාසයේ ගතවූ දින 30 තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,838 ක්.
