ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කරයිද?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට

by Staff writer 30-08-2026 | 11:27 AM

COLOMBO(News1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ ඡන්ද විමසීම, එදින හවස 5 ට පැවැත්වීමට නියමිතයි.

එම තනතුර ස්ථාපිත කළේ, ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන් ය.

ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර තිබේ.

සැප්තැම්බර් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ වන සංශෝධන, ලබන 10 වැනිදා පාර්ලිමේන්තු අනුමැතියට යොමු කෙරෙයි.

වෙනත් ලිපි