.webp)
-622696.jpg)
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කළේ, එම එක් නිවසක් රුපියල් ලක්ෂ 32කට ආසන්න වටිනාකමකින් යුතු අතර, එහි නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත බවයි.
'නවෝදයපුරම්' නිවාස ව්‍යාපෘතිය යටතේ එම පවුල් 50 සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබේ.
නිවාස ව්‍යාපෘතියේ එක් නිවාසක් සඳහා රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතු ගෘහ උපකරණ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩව බෙදා දීමද අද සිදු කෙරෙනු ඇති.
2023 වසරේ මාර්තු 19 වැනිදා කබරගල ප්‍රදේශයේ සිදු වූ එම නායයාමෙන් අනතුරුව වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක එම පවුල් වාසය කළේ ය.
