ජලාශ්‍රවල ධාරිතාව 34.7% දක්වා තවදුරටත් පහළට

වියළි කාලගුණයත් සමග ජලාශ්‍රවල ධාරිතාව 34.7% දක්වා තවදුරටත් පහළට

by Staff writer 28-08-2026 | 9:24 PM

COLOMBO(News1st) - වියළි කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ්‍රවල ධාරිතාව 34.7% දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැඩි ලෙස පහළ ගොස් ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව බවයි.

එම දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව 21.7%ක් .

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ වල ධාරිතාව25.6% දක්වාත් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ වල ධාරිතාව 26.8% දක්වාත් පහළ ගොස් තිබේ.

මුරුතවෙල , මොරවැව , කවුඩුල්ල , ඇතිමලේ , වීරවිල , වෙහෙරගල , උන්නච්චි , මොරාන , නාගදීප හා රොට්ටිකුලම ජලාශ වල ධාරිතාව මේ වනවිට පවතින්නේ 20%ටත් වඩා අඩු අගයකයි.

පවතින තත්ත්වය යටතේ පානීය ජල සැපයුම සඳහා උපරිම කළමණාකරණයකින් ජලය නිකුත් කිරිමට පියවර ගනිමින් සිටින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර වියළි කාලගුණයත් සමග මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පානීය නල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කලේ,මඩකලපුව දිස්ත්‍රික්කයේ පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

මොණරාගල දිස්ත්‍රික්කයේද උස්බිම් ප්‍රදේශ වෙත ජලය සැපයීමේ බාධා මතුව තිබේ.

දිස්ත්‍රික්ක 7ක පීඩාවට පත් හැත්තෑපන්දහසකට අධික පිරිසකට පානීය ජලය ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සඳහන් කළේය.  

මේ අතර දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 84,545ක්....