හානි වූ වගාවන්ට වන්දි ලබාදීමට මිලියන 3000 ක්.

එල් නිනෝ බලපෑමෙන්, හානි වූ වගාවන්ට වන්දි ලබාදීමට මිලියන 3000 ක් වෙන් කෙරේ... - කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය

by Staff writer 27-08-2026 | 12:20 PM

COLOMBO (News 1st) - එල් නිනෝ බලපෑමෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබේ.

කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර හා අම්පාර දිස්ත්‍රික්කවල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගාවන්ට හානි සිදුව ඇති බවයි.

ගොවීන් 7,000 කට පමණ අයත් ගොවිබිම් අක්කර 8,000කට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇතැයි සඳහන්.

හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 ක් සඳහා හෙක්ටයාරයක් සඳහා ලක්ෂක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට නියමිත අතර අක්කර 05 ක් සඳහා  උපරිම වශයෙන් වන්දි ගෙවීම සිදු කරනු ඇති.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මේ දක්වා හානි දැනුම්දීම් සිදුකර නොමැති ගොවි ජනතාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ට හෝ ක්ෂේත්‍ර නිලධාරීන්ට තොරතුරු ලබා දෙන ලෙසයි.

එමෙන්ම 1918 කෙටි ඇමතුම් අංකය ඇමතිමෙන්ද ගොවි ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතින බවත් එම මණ්ඩලය සඳහන් කළේ ය.