වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ..

වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ....

by Chathurika Jayasundara 26-08-2026 | 10:41 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණයෙන් හානි වූ කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

මේ වනවිට කුඹුරු අක්කර 8,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට හානියට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.