සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්...

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්...

by Staff writer 25-08-2026 | 5:49 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

ඒ , කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ, ඔහුට එරෙහි නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකෙරේ.