මෝල් හිමියන්ට මුදල් ලැබේන දිනය

වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට ණය පදනම යටතේ ලබා දෙන මුදල් මේ සතිය ඇතුළත....

by Staff writer 25-08-2026 | 9:30 AM

COLOMBO(News1st) - යල කන්නයේ වී මිලදී ගැනීමට වී මෝල් හිමියන්ට ණය පදනම යටතේ ලබා දෙන මුදල් දිස්ත්‍රික් ලේකම්වරු හරහා මෙම සතිය ඇතුළත නිකුත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 250ක උපරිමයට යටත්ව කිසිඳු පොලියක් අය නොකර මොල් හිමියන්ට ණය මුදල් ලබාදෙන බවයි.

මේ වන විට වී මෙට්ට්‍රික් ටොන් හතලිස් පන්දහසකට වැඩි ප්‍රමාණයක් රජයේ විසින් වී මිලදී ගෙන තිබේ.

‍ගොවි ජනතාවට සහන සලසමින් සහ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතිරේකව රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවකට පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.