උණුසුම අද අවධානය යොමු කළ යුතු මට්ටමක

මිනිස් සිරුරට දැනෙන උණුසුම අද අවධානය යොමු කළ යුතු මට්ටමක

by Staff writer 25-08-2026 | 9:35 AM

COLOMBO(News1st) - ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(25) අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නැගෙනහිර සහ උතුරු මැද පළාත සහ වව්නියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ඇතැම් ප්‍රදේශවල උණුසම ඉහළ අගයක පවතිනු ඇති බවයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසද, රෝගී සහ වැඩිහිටි පුද්ගලයින් මේ පිළිබඳ අවදානය යොමුකරන ලෙසත් දැනුම් දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ අනාවැකියේ සඳහන් වේ.
.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි,

අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 -40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ අණාවැකියේ සඳහන් වේ.