මහ කන්නය ඔක්තෝම්බර් 15ට පෙර...

එල් නිනෝ අවදානම හේතුවෙන් මහ කන්නය ඔක්තෝම්බර් 15ට පෙර අරඹන්න සැලසුම්...

by Staff writer 24-08-2026 | 8:52 AM

COLOMBO (News1st) - එල් නිනෝ අවදානම හේතුවෙන් එළඹෙන මහ කන්නය ඔක්තෝම්බර් 15 වැනිදාට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ස්වාභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානයේ කෘෂි කාලගුණ අංශයේ, ප්‍රධාන කෘෂි විද්‍යාඥ චන්දන වික්‍රමතුංග ඉදිරි වගා කටයුතු හා ජල කළමණාකරණය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.