ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද...

by Staff writer 24-08-2026 | 8:29 AM

COLOMBO (News 1st) - සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) දෙවැනි දිනටත් පැවැත්වේ.

ඒ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී.

ඊයේ (23) දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 300ක්.

නායක ශූබ්මන් ගිල් ලකුණු 50යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දේව්දත් පඩික්කල් ලකුණු 117ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3යි.

ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මකයි.