.webp)
-622425.jpg)
ඒ, පසුගිය 05 වැනිදා කොටුව මහේස්ත්රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.
පාස්කු ප්රහාරයට සැකපිට හිටපු ජාතික බුද්ධි ප්රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සහ 15 අතර පැවති සත්යග්රහය අතරතුර අධිකරණ ක්රියාවලිය විවේචනය වන අයුරින් ප්රසිද්ධියේ අදහස් පලකිරීමේ චෝදනාවට අදාළව එම නියෝගය නිකුත් කෙරිණ.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 05 වැනිදා කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ කරුණු වාර්තා කළේ ය.
එහිදී මහේස්ත්රාත් අධිකරණය තීරණය කළේ, මෙම පුද්ගලයින්ගේ ප්රකාශවලින් අධිකරණ ක්රියාවළිය විවේචනය කර ඇතැයි බැලූ බැල්මට පෙනී යන බවයි.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පුද්ගලයින්ට එරෙහිව අභියාචනාධිකරණයේ චෝදනා ගොනු කිරීම සදහා යොමු කිරීමට තීරණය කෙරිණ.
