නන්දා මාලිනිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

ලාංකීය ගීතයේ යශෝරාවය නන්දා මාලිනිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

by Staff writer 22-08-2026 | 10:33 AM

COLOMBO (News 1st) - ලාංකීය ගීතයේ යශෝරාවය, අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(22) පස්වරුවේ සිදුකෙරේ.

උදෑසන 10ට නිවසේදී ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි.

අනතුරුව පස්වරු 3.30 දක්වා යළිත් දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සැලසෙයි.

පස්වරු 3.30ට ආචාර්ය නන්දා මාලිනියගේ දේහය රැගත් රිය පෙරහැර නිවසින් පිටත්වී, රාජගිරිය හරහා බොරැල්ල කනත්ත වෙත ලඟාවීමට නියමිතයි.

පස්වරු 5ට දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ.

දේහය මේ වන විට මහජන ගෞරව සඳහා තැම්පත් කර තිබෙන්නේ නුගේගොඩ විජයබා මාවත නන්දා මාලිනි සංගීත ආශ්‍රමයේයි.

ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ(21) රාත්‍රීයේ සිට අලුයම දක්වා බොහෝ පිරිසක් පැමිණෙ අයුරු දැකගත හැකිවිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ද ඊයේ පස්වරුවේ නන්දා මාලිනිගේ දේහයට අවසන් ගෞරව දැක්විය.