යළිත් වරක් ජාත්‍යන්තරය ජයගත් රුමේෂ්

රුමේෂ් තරංග 2026 ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පළමු ස්ථානයට

by Staff writer 22-08-2026 | 10:03 PM

COLOMBO(News1st) - මෙරට ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක්ගේ අවධානය ඊයේ රාත්‍රීයේ පටන් තිබුණේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පිළිබඳවයි..

ඒ 2026 ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වීමත් සමග..

ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රබලතමයන් රැසගේ රුමේෂ් ඉදිරියේ ඊයේ දිනයේත් පරාජය වුණි.

මෙම තරගාවලිය ස්විට්සර්ලන්තයේදී පැවැත්වුණි.

එහි හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් රුමේෂ් එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 88.14ක්.

ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේ හිටපු ලෝක ශූර සහ ඔලිම්පික් ශූර නීරාජ් චොප්රාව සහ හිටපු ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස්ව දෙවැනි සහ තුන්වැනි ස්ථානයන්ට ඇද දමමින්.

රුමේෂ් සහභාගී වූ තුන්වැනි ඩයමන්ඩ් ලීග් තරගාවලිය වුණේ මෙයයි.

මීට පෙර පැවති රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී  හෙල්ල විසි කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.

ඉන් අනතුරුව පැවති දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද රුමේෂ් සමත් වුණි.

ඔහු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 89.75ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් තරංග මේ වන විට 2වැනි ස්ථානයේ පසුවේ.

කෙසේ වෙතත් ඔහු ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දැක් වු දක්ෂාතවයක් සමග එළැඹෙන 25 වැනිදා යාවත්කාලීන වීමට නියමිත මෙම ඉසව්වේ  ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව නැවත වරක් පෙරමුණට පැමිණීමට අවස්ථාව පවතී.