.webp)

ගලා යන සැඩ ජල පහරක බැසගෙන, ජීවිත අවදානම නොතකමින් පාසල් ගිය දරුවන්ටත්, රැකියාවට ගිය වැඩිහිටියන්ටත් අද ආරක්ෂිතව ඇටඹේ ඇල තරණයක කරන්න පුළුවන් විදියට අලුත් පාලමක් ලැබුණි.
ඒ ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි
මාතලේ විල්ගමුව හෙට්ටිපොල ගොඩඋල්පත ගම්මානයේ ගම්මු කාලයක් තිස්සේ පාලමක් නොමැති වීමෙන් පීඩාවට පත් විය.
ගම්මුන්ට එගොඩ මෙගොඩ යන්න වුණේ අටඹේ ඇල හරහායි
ගොඩක් වෙලාවට අම්මලා දරුවන්ව ඉස්කෝලේ අරන් ගියේ කරෙන්.
වෙහෙරගල,හිඹිලියාකඩ,හදුන්ගමුව,ලේඩියන්ගල,වස්ගමුව ඇතුළු ගම්මාන රැසක පවුල් 1000 ක පමන මිනිස්සු මේ නිසා පීඩාවට පත් විය.
මේ ගමේ ගොඩක් මිනිස්සු ජීවත්වෙන්නේ ගොවිතැනින්
ගමට පාලමක් තනා ගන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ
ගම්මු වසර ගණනාවක ඉදන් විදින මේ දුක ගම්මැද්ද ඩෝ ටු ඩෝ කණ්ඩායමේ ඇස ගැටෙන්නේ 2023
ගමට පාලමක් දෙන්න ස්පීඩ් මාර්ක් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලංකා ආයතනය ගම්මැද්දත් එක්ක අත්වැල් බැද ගන්නවා
ගමට පාලමක් හදන්න මුල් ගල් තැබෙන්නේ ගම්මුන්ගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්
අද ඒ අහිංසක හිත් වලට සතුට අරන් ගම්මැද්ද කණ්ඩායම වගේම ස්පීඩ් මාක් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලන්කා සමාගමේ සාමාජිකයින් රාජ්‍ය සේවකයින් ඒ ගමට ගියේ ගමටම වෙන් කෙරුණ බස් එකකින්
