නන්දා මාලිනියට ජනපති අවසන් ගෞරව දක්වයි

නන්දා මාලිනියට ජනපති අවසන් ගෞරව දක්වයි

by Staff writer 22-08-2026 | 10:55 AM

COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත  ප්‍රවීණ ගායන ශීල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලිනියට ජනපති අවසන් ගෞරව දක්වයි.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය.

නුගේගොඩ, නාවල පාරේ පිහිටි ඇයගේ නිවෙස වෙත ගොස් එම දේහයට අවසන් ගෞරවය දැක්වූ ජනාධිපතිවරයා  ඇයගේ පවුලේ සාමාජිකයින් , ඥාතීන් සහ කලාකරුවන් වෙත සිය ශෝකය පළ කළේය.