.webp)
-622284.jpg)
COLOMBO (News 1st) -
වැල්ලවාය - මොණරාගල මාර්ගයේ කුඹුක්කන ප්රදේශයේ කළු පාලම මතදී, අද(21) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.පොලීසිය සදහන් කළේ, ටිපර් රථයක්, ට්රැක්ටරයක ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ට්රැක්ටරයේ ගමන් කළ 8 දෙනෙකු බරපතල තුවාල ලබා, මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස් දෙනෙකු මියගොස් තිබේ.
ඔවුන්, අවුරුදු 21 - 56 ත් අතර පසුවන, දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්රදේශවල පදිංචිකරුවන් ය.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු සහ ට්රැක්ටරයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
