නන්දා මාලනියගේ අභාවයට දින තුනක ජාතික ශෝක කාලයක්...

නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක්....

by Staff writer 21-08-2026 | 8:16 AM

COLOMBO (News 1st) -

මෙරට සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ,ලාංකීය ගීතයේ සුභාවිත සලකුණ ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් අද(21) හෙට(22) හා අනිද්දා ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කරන බවයි

මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනීගේ දේහය මහජන ගෞරවය සඳහා අද(21) පෙරවරු 10 සිට  නුගේගොඩ  විජයබා මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කෙරේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේ, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(22) පස්වරු 5ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත බවයි

දේහය පිළිබඳ කිසිඳු අවමංග්‍ය සභාවක් නොපැවැත්වෙන බවද මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේ ය.

මෙරට සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ,ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලනී ඊයේ(20) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කෙටි කලක් රෝගාතුරව පසුවූ නන්දා මාලනිය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 82 කි.