.webp)
-622315.jpg)
ඒ , දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදීයි.
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා අද(21) පස්වරුව දක්වා වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණි.
ආදාහන පුජෝත්සවයට දිවයිනේ විවිධ ප්‍රදේශොවලින් වැඩම කළ මහා සංඝරත්නය, කලාකරුවන් හා රසිකයින් ඇතුළු පිරිසක් සහභාගි වුණි.
උන්වහන්සේ මෙරට බෞද්ධ ගීත කලාවේ නොමැකෙන මං සලකුණක් තැබීය.
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පන්හිදෙන් ලියවුණු ගීතාවලිය සදා ජනහදවත් තුළ ලැඟුම්ගෙන ඇත්තේ ඉන් ජනිත වන අප්‍රමාණ බුදු ගුණ හේතුවෙන්.
ලා දළු බෝපත්, පිහිටක් නැති සරණක් නැති, හිමි සනරාමර, සෙනෙහස පුදා, පිපෙනා මලකට, සියක් ආයු ලැබ ආදී ගී රැසක් උන්වහන්සේ විසින් මෙරට ගී ක්ෂේත්‍රයට දායාද කළේය.
පසුගිය 18 වැනිදා පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත් වන විට රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ වයස අවුරුදු 76ක්.
