.webp)
 (7)-622228.jpg)
ඒ අනුව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඔහුගේ ගිණුම් පරීක්ෂාවට ලක් කරනු ඇත.
විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් නැමැත්තා විපක්ෂ දේශපාලඥයෙකුට ලබාදුන් මුදලක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණ වී ඇතැයි, විමර්ශන නිලධාරීන් පවසයි.
පොලිසිය ප්‍රකාශ කළේ, ඔහු කළ අනාවරණ මත එම කරුණු තවදුරටත් තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.
මීට අමතරව, ශිරාන් බාසික්ගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන්නේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙනි.
පොලීසිය සඳහන් කළේ, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට අයත් කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ ඇත.
මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික්, එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුහවල් කරනු ලැබුවේ ය.
අනතුරුව ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ, පසුගිය 14 වැනිදායි.
