පාර්ලිමේන්තුවට නොයන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි..

by Staff writer 20-08-2026 | 10:46 AM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීම් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත්කිරීමේ වැඩසටහනට සහභාගී නොවන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කිහිපදෙනෙකු අද (20) දිනයේ පාර්ලිමේන්තුවට ගෙන්වා ඔවුන් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා කැඳවා 22 වන ව්‍යවස්ථා සශෝධනය පිළිබඳව ඔවුන්ගේ මතය ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සහ දැරුවේය.

ආණ්ඩු පක්ෂය පෙන්වා දුන්නේ එය පාර්ලිමේන්තු ක්‍රියාවළියට සම්පූර්ණයෙන් පටහැනි බවයි.

විපක්ෂ නායකවරයා කැඳවූ මෙම හමුවට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ප්‍රකාශ කළේ මෙවැනි පසුබිමකදීයි.