කඩිනම් වෙන ආනයනික රේගු භාණ්ඩ නිෂ්කාශනය..

ආනයනික රේගු භාණ්ඩ නිෂ්කාශනය කඩිනම් කෙරේ, නව ඩිජිටල් ක්‍රමවේදය ඔක්තෝබර් පළමු වැනිදා සිට...

by Staff writer 20-08-2026 | 8:21 AM

COLOMBO (News 1st) - ආනයනික භාණ්ඩ රේගුව මගින් නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය සඳහා කඩදාසි රහිත ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, සීවලී අරුක්ගොඩ සඳහන් කළේ එම කඩදාසි රහිත ආනයන ක්‍රමවේදය ඔක්තෝබර් පළමුවැනි දින සිට ආරම්භ කෙරෙන බවයි.

නව ක්‍රමවේදය යටතේ දෘඩ පිටපත් ලබා දීම වෙනුවට පද්ධතියක් මගින් ඩිජිටල් ක්‍රමයට රේගුව වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකි බව සීවලී අරුක්ගොඩ පැවසුවේ ය.