ආචාර්ය නන්දා මාලනීගේ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනීගේ අවසන් කටයුතු අනිද්දා.

by Staff writer 20-08-2026 | 9:39 PM

COLOMBO (News 1st) -

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් වූ, ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීය අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට ඇයගේ වයස අවුරුදු 82කි.

ශ්‍රී ලංකාවේ රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ඇය, සිය හඬින් මෙන්ම නිර්භීත කලා භාවිතයෙන් ද දේශයම කම්පනයට පත් කළ කලාකාරිනියකි.

ඇයගේ දේහය හෙට උදෑසන 10 සිට නුගේගොඩ විජයබා මාවත නන්දා මාලිනි සංගීත ආශ්‍රමයේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි