කෝටි 12ක අයිස් ඇල්ලූ STF මෙහෙයුම...

කෝටි 12කට අධික අයිස් තොගයක් සමග සැකකරුවෙක් STF අත්අඩංගුවට...

by Staff writer 19-08-2026 | 8:35 AM

COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18ක් සමග සැකකරුවෙකු බණ්ඩාරගම මස්විල, වෙන්දේසී වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසිනි.

එහි වටිනාකම රුපියල් කෝටි 12කට අධික බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කුඩු සළිඳු නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන දැනට ඩුබායි හි සැඟව සිටින ඩුබායි රවිෂ්කගේ අනුගාමිකයෙකි.

23 හැවිරිදි සැකකරු මස්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.