.webp)

ඒ නීතී විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශයේ මෙහෙයවීමෙනි.
ඒ අතර පසුගියදා අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයට පත් කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් නැමැත්තා සතුව පවතින දේපල සම්බන්ධ විමර්ශනද වේ.
ඔහුගේ පුත්‍රයා නමින් මිලදී ගත් දේපල කිහිපයකට එරෙහිව පසුගියදා තහනම් නියෝග ලබා ගත් බවද, පොලිසිය පැවසුවේය.
මීට අමතරව කොස්ගොඩ සුජී,රත්ගම විදුර,රත්මලානේ සයිමා මෙන්ම කංජිපානි ඉම්රාන් යන අපරාධකරුවන්ගේ මෙරට ඇති දේපල සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
නීති විරෝධී ක්‍රම මගින් උපයාගෙන ඇති එම සියලු දේපල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය පැවසුවේය.
