රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද මහජන ගෞරවයට...

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද වැල්ලවත්ත සුදර්මාරාමයේ තැම්පත් කෙරේ...

by Staff writer 19-08-2026 | 8:50 AM

COLOMBO (News 1st) - අපවත් වී වදාළ ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය, මහජන ගෞරවය සඳහා අද (19) දහවල් සිට වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි.

ඊයේ (18) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේගේ අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 76 ක්.

1950 වසරේ දී මොරවක රඹුකනදී උපන් උන් වහන්සේ, මෙරට බොදු බැති ගී කලාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ යථිවරයාණන් වහන්සේ නමකි.

ලා දළු බෝපත්, පිහිටක් නැති සරණක් නැති,හිමි සනරාමර ,සෙනෙහස පුදා,පිපෙනා මලකට,සියක් ආයු ලැබ ආදී ගීත රැසක් උන්වහන්සේ විසින් මෙරට ගී ක්ෂේත්‍රයට දායාද කළහ.

රඹුකන සිද්ධාර්ථ හිමියන් හොඳම ගීත රචනය වෙනුවෙන් සරසවිය ඇතුළු සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබු අතර කලක් ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.