.webp)

රනිල් වික්‍රමසිංහ මේ සංචාරය එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත සිදුකළ එකක් නොවන බව නැවතත් තහවුරු වීම ඒ අතරින් විශේෂයි.
ඒ බව තහවුරු වන්නේ එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන දෙපාර්තමේන්තුව එම වකවානුව තුළ එරට නිල සංචාර වල නිරත රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරමින් සිටියදී 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දින දෙකේ එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය.
එය රටේ ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් නිරතවූ පෞද්ගලික සංචාරයක් ලෙස විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ සහ එවක ඔහුගේ ලේකම් සමන් ඒකනායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණි.
රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් එහිදී පෙන්වාදීමට උත්සාහ කළ ප්‍රධාන කරුණක් වූයේ මෙය පෞද්ගලික සංචාරයක් නොව
නිල සංචාරයක් බවයි.
එහෙත් ගවර්මන්ට්.යුකේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති දත්තවලට අනුව 2023 මෙම කාලසීමාවේ රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ සංචාරය කළ බවට කිසිඳු සඳහනක් දක්නට නොමැත.
සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මේ සම්බන්ධ සියලු තොරතුරු ඊයේ(17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
නඩුවට මොකද වුණේ?
ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 166ක් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක දැන් ඉන්නේ ඇප මතයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය අප්‍රේල් මාසයේ 29 වෙනිදා නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත් අපරාධ නඩුවක විමර්ශන කල් මැරීම තුළින් එම විමර්ශන වටිනාකම අඩු වී යන බැවින් කඩිනමින් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පසුගිය ජුලි 08 වෙනිදා නඩුව නැවත විමසා බැලූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි දැනුම් දුන්හ.
නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කොටුව මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට දින නියම කළේ, එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කරමිනි.
