.webp)
-622022.jpg)
එම අමාත්‍යංශය සඳහන් කළේ, වනජීවී පශු වෛද්‍යවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව මෙන්ම, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී වනජීවී හදිසි ප්‍රතිකාර සේවා ලබාදීමේ ප්‍රායෝගික ගැටලු නිර්මාණය වී තිබේ.
වසර දහයකට අධික කාලයක සිට පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.
පළමු ශ්‍රේණියේ තනතුරු පහක් ඇති කිරීම, අමතර සේවා කාල දීමනාවක් ලබා ගැනීම, සහයක කාර්ය මණ්ඩලයක් ඇති කිරීම එම ඉල්ලිම් ය.
වන ජීවි පශු වෛද්‍ය නිළධාරින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
