.webp)

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පොලීසිය මගින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
පෙළ පොත් තොගය, ප්‍රවාහනයට භාරදීමෙන් පසු පළමු සැකකරු විසින් ඒවා, අලව්ව ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර ඇති අතර, එහි හිමිකරු එම තොගය, නාරම්මල ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට අලෙවි කර තිබේ.
අනතුරුව, එහි සිට වත්තල ප්‍රදේශයට එම පෙළ පොත් තොගය රැගෙනවිත් ඇති බව, විමර්ශන වලදී හෙළි වූ බව, පොලීසිය සඳහන් කළේ ය.
පසුගිය මැයි 24 වැනිදා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින්, එම පෙළ පොත් තොගය, නැගෙනහිර පළාතේ පාසල් වලට බෙදීම සදහා භාරදී තිබේ.
එලෙස ප්‍රවාහනයට භාරදී ඇත්තේ, රුපියල් ලක්ෂ 8 කට අධික වටිනාකමකින් යුත් පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළ දෙමළ භාෂා ක්‍රියාකාරකම් සහ පෙළ පොත් තොගයකි.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
