උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්...

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්...

by Staff writer 17-08-2026 | 9:26 AM

COLOMBO(News1st) - මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල උණුසුම, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළිමහන් කටයුතු වල නිරත වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව අවශ්‍ය පරිදි විවේක ගැනීම හා ජලය පානය කිරීම සිදු කළ යුතු වෙයි.

නිවෙස් තුළ සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.