.webp)

ඒ, මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීවයි.
ඊට අදාළ විශේෂ ආයෝජන සාකච්ඡාවක්, ඕස්ට්‍ර්ලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත් නුවරදී පැවැත්විය.
ඒ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් ය.
එහිදී තිරසාර බලශක්ති විසඳුම් සහ ඇඟලුම් ක්ෂේත්රයේ තිරසර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලීන් මෙරට තුළ ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
දෙනුන් 2,000 ක ධාරිතාවකින් යුත් මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළ ව්‍යාපෘතියක් හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ආශ්රිත මහා පරිමාණ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය සහ උපාංග නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීම ඇතුලු යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කිරීම සදහා එහිදී ආයෝජකයින් එකඟතාව පළ කළේ ය.
වත්මන් රජය යටතේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ගොඩනැගෙමින් පවතින විනිවිදභාවය, විශ්වාසනීයත්වය සහ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව ද ඕස්ට්‍රේලියාව, ප්‍රසාදය පළ කර තිබේ.
