මාස 2ක් තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි 1000ක්...

මාස 2ක් තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි 1000ක්...

by Staff writer 16-08-2026 | 8:21 AM

COLOMBO(News1st) - පසුගිය මාස දෙක තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එහි නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන්, නිව්ස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ ළමුන් ගෘහස්ථ හිංසනයෙන් වළක්වා ගැනීමට මව්පියන් පියවර ගත යුතු බවයි.