බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහැර

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද(15) රාත්‍රියේ වීථි සංචාරය කරයි..

by Staff writer 15-08-2026 | 9:54 PM

COLOMBO(News1st) - බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලී මහා පෙරහැර අද(15) රාත්‍රියේ වීථි සංචාරය කරයි..

පෙරහර කරඬුව වැඩම කරවන්නේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයායි.

හෙට උදෑසන පැවැත්වෙන දිය කැපීමේ පෙරහැර සහ දේව දානයෙන් පසුව ඇසළ පුණ්‍යෝත්සවය නිමා වනු ඇති.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සම්බන්ධ කර ගත්තා නිවුස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු රශ්මික පොල්පිටිය.

අද(15) රාත්‍රි පෙරහැර පැවැත්වෙන කාලය තුල 119 මහරගම – දෙහිවල ප්‍රධාන බස් මාර්ගයේ බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.

විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියැදුරන්ට දැනුම් දෙයි.